English

නිතර අසන ප්‍රශ්න

සිලෝන් රෙමිටන්ස් යනු කුමක්ද?
සිලෝන් රෙමිටන්ස් යනු ශ්‍රී ලාංකික ප්‍රජාවට විශ්වාසනීය ලෙස තම මවුබිමට මුදල් යැවීම සඳහා කැපවූ ජපානයේ එකම ශ්‍රී ලාංකික සමාගමයි. ඔබ සහ ඔබේ ආදරණීයයන් අතර බැඳීම ශක්තිමත් කිරීම සඳහා නිර්මාණය කර ඇති ආරක්ෂිත, වේගවත් සහ පහසු ඩිජිටල් ප්‍රේෂණ සේවාවක් අපි සපයන්නෙමු. සෑම මුදල් හුවමාරුවක්ම මුදලක් පමණක් නොව, ආදරය, රැකවරණය, සහ ඔබේ ආදරණීයන් සහ මුල්බිම් සමඟ ඇති බැඳීම නියෝජනය කරයි. අපි හුදෙක් මුදල් හුවමාරු සේවාවකට වඩා වැඩි යමක් වන අතර, සිලෝන් රෙමිටන්ස් යනු පළපුරුදු ෆින්ටෙක් (Fintech ) සහ ප්‍රේෂණ ව්‍යාපාර විශේෂඥයන් විසින් සහාය දක්වන සම්පූර්ණ ගෙවීම් ප්‍රවේශයක්/මාර්ගයක් සහ ඩිජිටල් ප්‍රේෂණ වේදිකාවකි.
සිලෝන් රෙමිටන්ස් තෝරා ගත යුත්තේ ඇයි?

  • ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහාම නිර්මාණය කර ඇත.

  • විශ්වාසය සහ ආරක්ෂාව: ආරක්ෂිත සහ විශ්වාසනීය හුවමාරු සහතික කිරීම සඳහා ස්ථාපිත මූල්‍ය ආයතන සමඟ හවුල් වී ඇත.

  • අත්දැකීම් සහ විශේෂඥ දැනුම: අපගේ කණ්ඩායමට ජපානයේ ප්‍රේෂණ සහ ෆින්ටෙක් (Fintech ) අංශයේ දශක ගණනාවක ඒකාබද්ධ අත්දැකීම්

  • පහසුව: මුදල් යැවීම පහසු සහ පීඩනයකින් තොර කිරීමට නිර්මාණය කර ඇති සරල, ඩිජිටල්-ප්‍රථම වේදිකාවකි.

  • වගකීම: සෑම ගනුදෙනුවක්ම ශ්‍රී ලාංකික ප්‍රජාව කෙරෙහි අභිමානයෙන්, සැලකිල්ලෙන් සහ ගෞරවයෙන් හසුරුවයි.
සිලෝන් රෙමිටන්ස් අනෙකුත් සමාගම්වලින් වෙනස් වන්නේ කෙසේද?
සාමාන්‍ය ප්‍රේෂණ සමාගම් මෙන් නොව, සිලෝන් රෙමිටන්ස් නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලාංකිකයන් විසින්, ශ්‍රී ලාංකිකයන් සඳහායි.

අපව විශේෂ කරන දේ:

ශ්‍රී ලංකාව කෙරෙහි සුවිශේෂී අවධානය – අපි ඔබේ ප්‍රජාවේ කොටසක් වන නිසා ඔබේ අවශ්‍යතා හොඳින් අවබෝධ කරගෙන සිටිමු.

පෞද්ගලික බැඳීම – අපට, ප්‍රේෂණ යනු හුදෙක් මූල්‍යමය දෙයක් නොවේ — අපගේ සේවාව සෑමවිටම ශ්‍රී ලංකාව සමඟ බැදී සිටි යි. Or ශ්‍රී ලංකාව සමඟ එකට එක්ව නැඟී සිටියි.

ඩිජිටල් පරිවර්තන නියමුවා – විදේශීය මුදල් හුවමාරු කිරීම පහසු, විශ්වාසදායක සහ අනාගතයට සූදානම් කිරීමට අපි කැපවී සිටිමු.
මුදල් හුවමාරු කිරීමට කොපමණ කාලයක් ගතවේද?
සිලෝන් රෙමිටන්ස් හරහා මුදල් හුවමාරු කිරීම සාමාන්‍යයෙන් මිනිත්තු කිහිපයක් ඇතුළත සම්පූර්ණ වන අතර, ඔබේ මුදල් ඉතාම ඉක්මනින්/එසැණින්, නිමේෂයකින්OR මොහොතකින්, (ඇසිල්ලකින්) (ක්ෂණිකවම) ඔබේ ප්‍රතිලාභියාගේ බැංකු ගිණුමට තැන්පත් වේ. ප්‍රතිලාභියාගේ බැංකුවේ සැකසුම් කාලය මත පදනම්ව, එය එක් වැඩ කරන දිනයක් දක්වා ගතවීම කලාතුරකින් සිදුවිය හැකි ය.
හුවමාරුව සඳහා මුදල් තැන්පත් කරන්නේ කෙසේද?
සිලෝන් රෙමිටන්ස් සමඟ මුදල් තැන්පත් කිරීම ඉතාම සරල සහ පහසු ය. අපගේ ජංගම යෙදුම හරහා ඔබගේ ගනුදෙනුව ආරම්භ කිරීමෙන් පසු, පහත සඳහන් ක්‍රමවලින් එකක් භාවිත කර ඔබට ඔබේ මුදල් හුවමාරුව සඳහා අරමුදල් ලබා දිය හැක:
MUFG බැංකු හුවමාරුව – අපගේ නම් කරන ලද MUFG බැංකු ගිණුමට කෙළින්ම අරමුදල් මාරු කරන්න.

Lawson කාඩ්පත – ඔබේ Lawson කාඩ්පත භාවිත කර Lawson සුපිරි වෙළෙඳසැල්වලින් පහසුවෙන් ගෙවීම් කරන්න.

Pay-easy (ස්වයංක්‍රීය බැංකු ටෙලර් යන්ත්‍ර සහ ඔන්ලයින් බැංකුකරණය) – Pay-easy සේවාව භාවිතයෙන් සහාය දක්වන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර හෝ ඔන්ලයින් බැංකුකරණ වේදිකා හරහා මුදල් තැන්පත් කරන්න.
සිලෝන් රෙමිටන්ස් සමඟ මගේ මුදල් ආරක්ෂිත ද?
ඔව්, ඔබේ මුදල් සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි. සිලෝන් රෙමිටන්ස්, අප හරහා සිදුවන සියලුම ගනුදෙනු සැකසීම සඳහා උසස් තාක්ෂණය සහ විශ්වාසදායක බැංකු මාර්ග භාවිතා කරයි. ආරක්ෂිත, විශ්වාසදායක, සහ විනිවිද පෙනෙන හුවමාරු ක්‍රියාවලියක් සහතික කරමින්, නිසි සත්‍යාපනයකින් පසුව පමණක් ප්‍රතිලාභියා වෙත අරමුදල් ලබා ලබාදෙයි.
මුදල් ලැබීම සඳහා මගේ ප්‍රතිලාභියාගෙන් ගාස්තු අය කරනවා ද?
අරමුදල් කෙළින්ම ඔබේ ප්‍රතිලාභියාගේ බැංකු ගිණුමට තැන්පත් කෙරේ. මෙය මුදල් යවන්නාට සහ ලබන්නාට දෙදෙනාටම ආරක්ෂිත සහ බාධාවකින් තොර හුවමාරු අත්දැකීමක් සහතික කරයි.
මගේ ගනුදෙනුවේ තත්ත්වය සොයා ගන්නේ කෙසේද?
අපගේ ජංගම යෙදුම හරහා ඔබට ඔබේ හුවමාරුව ඒ මොහොතේම (real time) නිරීක්ෂණය කළ හැකි අතර, එය ක්ෂණික යාවත්කාලීන කිරීම් සහ දැනුම් දීම් සිදු කරයි. ‍
මගේ ප්‍රතිලාභියාට අරමුදල් ලැබෙන්නේ කෙසේද?
අරමුදල් කෙළින්ම ඔබේ ප්‍රතිලාභියාගේ බැංකු ගිණුමට තැන්පත් කෙරේ. මෙය මුදල් යවන්නාට සහ ලබන්නාට දෙදෙනාටම ආරක්ෂිත සහ බාධාවකින් තොර හුවමාරු අත්දැකීමක් සහතික කරයි.
මගේ පෞද්ගලික තොරතුරු වෙනත් පාර්ශවවලට ලබාදෙනවා ද?
ඔබගේ පෞද්ගලිකත්වය අපගේ ප්‍රමුඛතාවයයි. සිලෝන් රෙමිටන්ස් ඔබගේ සියලුම පෞද්ගලික තොරතුරු දැඩි ලෙස රහසිගතව තබා ගන්නා අතර, එය භාවිත කරන්නේ ඔබගේ හුවමාරු සැකසීම සහ නියාමන අවශ්‍යතා සපුරාලීම සඳහා පමණි.
මට හුවමාරු කළ හැකි මුදලට සීමාවක් තිබේද?
ඔව්, හුවමාරු සීමා ඔබගේ KYC (Know Your Customer KYC - ඔබේ පාරිභෝගිකයා දැනගන්න) සත්‍යාපන මට්ටම මත රඳා පවතී. ඔබට ඇති දෛනික සහ මාසික සීමා, අපගේ යෙදුමෙන් බැලීම හැකි අතර ඔබට අවශ්‍ය විස්තර අපගේ පාරිභෝගික සහාය කණ්ඩායම ඇමතීමෙන් ලබාගත හැකි ය.